ශ‍්‍රී ලංකා - පාකිස්තාන තරගය වැස්ස දියාරු කරයි.
2012 ජූලි 02 සඳුදා- පස්වරු 06:56
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයට අද (02) නැවතත් වර්ෂාවෙන් බාධා එල්ල වුණා. තරගයේ තුන් වැනි දිනය වන අද (02) පාකිස්තානය සිය මුල් ඉනිම සඳහා කඩුලූ 6ක් දැවී ලකුණු 551ක් ලබා සිටියදී පන්දුවට පහරදීම අත්හිටවනු ලැබුවා. පාකිස්තානය වෙනුවෙන් මොහොමඞ් හෆීස් ලකුණු 196ක් රැස් කළ අතර, අසාර් අලි ලකුණු 157ක් ලබා ගත්තා. රංගන හේරත් ලකුණු 165කට කඩුලූ 3යි. වර්ෂාව නිසා අද (02) දිනයේ තරගය අත්හිටුවන විට ශ‍්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 70ක් ලබා සිටියා. තරංග පරණවිතාන ලකුණු නොලබා දැවී ගිය අතර, තිලකරත්න ඩිල්ශාන් පන්දු 54කදී ලකුණු 46ක් රැස් කර ගෙන සිටියා. කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 22යි. වර්ෂාව නිසා දිවා භෝජනයෙන් පසු තරගය පැවැත්වුණේ නැහැ. ශ‍්‍රී ලංකාව මුල් ඉනිමේ දී තවමත් පාකිස්තානයට වඩා ලකුණු 481ක් පිටුපසින් සිටිනවා. හෙට තරගයේ හතර වැනි දිනයයි.
