සිරියාවට ආයුධ නොදෙන ලෙස නවිපිල්ලේගෙන් ඉල්ලීමක්.
2012 ජූලි 03 අඟහරුවාදා- පෙරවරු 08:15
සිරියානු හමුදාවන්ට සහ විරුද්ධ පාක්ෂිකයන්ට ආයුධ සැපයීමෙන් වැලකී සිටින ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද ප‍්‍රධානී නවනීදන් පිල්ලේ ලෝක ප‍්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා. ආයුධ සැපයීම තුළින් රජයේ හමුදාවන් සහ විරුද්ධ පාක්ෂිකයන් සාමාන්‍ය ජනතාවට හානි සිදුකරන බවයි නවිපිල්ලේගේ අදහස වී ඇත්තේ. එමෙන්ම සිරියාවේ ගැටලූව ජාත්‍යන්තර යුද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද ඇය ජගත් ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කරනවා. රජයට විරුද්ධ පාක්ෂිකයන් ළමයින් යොදාගෙන යුද කටයුතුවල නිරතවන බවට නවිපිල්ලේ චෝදනා කරනවා. එමෙන්ම සටන් විරාම නිරීක්ෂකයින්ට ලබාදී ඇති බලතල පුළුල් කිරිම මගින් ඔවුන්ට රට තුළට ගොස් සැබෑ තත්ත්වය වාර්තා කිරීමේ හැකියාවක් ලැබෙන බවයි නවිපිල්ලේ වැඩිදුරටත් කියා සිටියේ.
