සංගක්කාරගෙන් නව වාර්තාවක්.
2012 ජූලි 03 අඟහරුවාදා- පස්වරු 12:53
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ 4 වැනි දිනයේ දිවා භෝජනය සඳහා නතර කරන විට සිය පළමු ඉනිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 135ක් ලබා සිටිනවා. නොදැවී ක‍්‍රීඩා කරන කුමාර් සංගක්කාර ලකුණු 72ක් ද තිලකරත්න ඩිල්ශාන් ලකුණු 60ක් ද ලබා සිටිනවා. අද (03) තරගයේ දී සංගක්කාර වාර්තා පොත් අතරට එක්වුණේ පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගවලදී වැඩිම ලකුණු ලබාගත් ක‍්‍රීඩකයා ලෙසයි. මීට පෙර ඉන්දීය ක‍්‍රීඩක සුනිල් ගවස්කාර් ලකුණු 2088ක් ලබා ගනිමින් පාකිස්තානයට එරෙහිව වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් ක‍්‍රීඩකයා බවට පත්ව සිටියා. සංගක්කාර බිද හෙළුවේ සුනිල් ගවස්කාර් පිහිටුවා තිබූ එම වාර්තාවයි. එමෙන්ම එස්.එස්.සී. පිටියේ දී ටෙස්ට් ලකුණු 2000 සම්පූර්ණ කළ 3 වැනි ක‍්‍රීඩකයා බවට ද සංගක්කාර පත්වුණා. මේ වන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 416ක් පිටුපසින් පසුවනවා.
