වාහන ලියාපදිංචිය අඩුවන ලකුණු.
2012 ජූලි 03 අඟහරුවාදා- පස්වරු 12:54
2012 වසරේ නව වාහන ලියාපදිංචි කිරීම 40% කින් පමණ අඩු විය හැකි බව ශ‍්‍රී ලංකා මෝටර් රථ වෙළෙඳුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති තිලක් ගුණසේකර ප‍්‍රකාශ කළේ වාහන ආනයන බදු ඉහළ ගොස් තිබීම සහ කල් බදු වාරික ප‍්‍රතිශතයන් ඉහළ නංවා තිබීම මීට හේතුව බවයි. 2011 වසරේ මෙරටට වාහන ආනයනය කළ ප‍්‍රමාණය සියයට 46කින් ඉහළ ගියා. එමෙන්ම පසුගිය වසරේ මේ දක්වා කාලය තුළ ආනයනය කළ වාහන 29,883ක් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කර තිබෙනවා. එහෙත් මෙම වසරේ මේ දක්වා කාලය තුළ ලියාපදිංචි කර ඇති වාහන සංඛ්‍යාව 21,884ක්. එය ප‍්‍රතිශතයක් ලෙස ගත් කළ සියයට 26ක අඩුවීමක් බව මෝටර් රථ වෙළෙදුන්ගේ සංගමය සඳහන් කළා.
