ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට.
2012 ජූලි 03 අඟහරුවාදා- පස්වරු 01:02
තලෙයිමන්නාරම උතුරු මුහුදු තීරයේ දී ඉන්දියානු ජාතික ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (02) අත්අඩංගුවට ගත් මොවුන් සමග ට්‍රෝලර් යාත‍්‍රා 02ක් සහ ධීවර ආම්පන්න ද තලෙයිමන්නාරම නාවික හමුදා කදවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. මොවුන් තලෙයිමන්නාරම පොලීසිය වෙත භාර දී ඇති අතර, සැකකරුවන් අද (03) මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
