චීනයේ කුකුළන් එක්ලක්ෂ 50,000ක් මරණයට.
2012 ජූලි 03 අඟහරුවාදා- පස්වරු 01:06
චීනයේ ෂිංජියැන් ප‍්‍රාන්තයේ කුරුළු උණ වැළදුණු කුකුළන් එක්ලක්ෂ 50,000කට ආසන්න ප‍්‍රමාණයක් මරා දැමීමට ප‍්‍රාන්ත බලධාරීන් කටයුතු කර තිබෙනවා. ප‍්‍රාන්තයේ එක් ගොවිපළක සිටි කුකුළන් 1600 කට ආසන්න ප‍්‍රමාණයක් කුරුළු උණ වැලදීමෙන් පසුගිය දා මිය යාමත් සමගයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ. මීට අමතරව එම ගොවිපළේම කුකුළන් 6000කට ආසන්න ප‍්‍රමාණයකට කුරුළු උණ වැලදී ඇති බවට සනාථ වී තිබෙනවා. රෝගය තවදුරටත් පැතිර යාම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි ෂිංජියැන් ප‍්‍රාන්ත බලධාරීන් විදෙස් මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර ඇත්තේ.
