අයහපත් කාලගුණයෙන් 470 කට පීඩා.
අද ජනමතයෙන්
ආණ්ඩුව විදුලිබිල අඩු කරයි ද ?
 
බස් වර්ජනය.


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 127.87 132.89
Singapore Dollar 99.71 103.25
Japanese Yen 1.28 1.33
British Pound 185.90 191.48
Swiss Franc 130.86 136.00
American Dollar 125.03 128.18
Euro 162.12 167.67
Indicative Rates
Norwegian Krone   22.11
Korean Won   0.11
Jordan Dinar   178.79
Maldive Island Rufiya   8.23
Bahrain Dinar   335.75
Kuwait Dinar   445.08
Oman Rial   328.77
Qatar Riyal   34.77
Saudi Arabia Riyal   33.75
UAE Dirham   34.46
Rates on 2013-05-22
අයහපත් කාලගුණයෙන් 470 කට පීඩා.
2012 ජූලි 03 අඟහරුවාදා- පස්වරු 06:21

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 470 කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ දිස්ත‍්‍රික්ක 7 කට පමණ ආපදා තත්ත්වයක් බලපා ඇති බවයි. වැඩිම පුද්ගලයින් සංඛ්‍යාවක් පීඩාවට පත්වී ඇත්තේ මඩකලපුව දිස්ත‍්‍රික්කයෙන්. වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකුද තුවාල ලබා තිබෙනවා. අධික සුළඟ හේතුවෙන් බලපිටිය, මාදු ගෙඟ්දී ඔරුවක් පෙරළීමෙන් එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. දිවයින පුරා බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයෙන් නිවාස 400 කට ආසන්න සංඛ්‍යාවකට සුළු වශයෙන් හානිවී තිබෙනවා. ගාල්ල ප‍්‍රදේශයට බලපෑ සුළං තත්වයක් හේතුවෙන් කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ වහලයටද හානි වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

 

කෙසේ වෙතත් අද (03) රාත‍්‍රී කාලයේදී හා හෙට දිනයේදී පළාත් 5 කට විටින් විට වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න සඳහන් කළේ ඇතැම් ප‍්‍රදේශවලට වර්ෂාව සමග සුළං තත්ත්වයක්ද ඇතිවිය හැකි බවයි.




Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (0)