මුස්ලිම් කොංග‍්‍රස් මොකක් කරයිද?
2012 ජූලි 03 අඟහරුවාදා- පස්වරු 06:22
විසුරුවා හරින ලද පළාත් සභා මැතිවරණයට තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මේ වනවිට ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් මූලස්ථානය වන දරුසලාම් හි පැවැත්වෙනවා. ඔවුන්ගේ උත්තරීතර මණ්ඩලයේ සහභාගිත්වයෙනුයි මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ. පළාත් සභා මැතිවරණයේදී තනිව තරඟ කරනවාද, නැද්ද යන්න පිළිබඳව එහිදී අවසන් තීරණයකට එළඹෙන බවයි එම කොංග‍්‍රසයේ මහලේකම් හසන් අලී හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර ජාතික නිදහස් පෙරමුණ ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීමට තීරණය කර තිබෙනවා. දිස්ත‍්‍රික්ක 7 කින් දිස්ත‍්‍රික්ක 6 ක් සඳහා සිය අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට නියමිත බවයි එම පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ හිරු ප‍්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.
