හෙළ උරුමය සහ එ.ජා.ප.ය සාකච්ඡාවක.
2012 ජූලි 03 අඟහරුවාදා- පස්වරු 06:24
එක්සත් ජාතික පක්ෂය සහ ජාතික හෙළ උරුමයේ නියෝජිත පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ සවස පැවත්වුණා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්ෂ විසින් පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවති බව සඳහන්. එම සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික හෙල උරුමයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අතුරලියේ රතන හිමි.
මේ සම්බන්ධයෙන් කොළඹ අද පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදී පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායකද අදහස් දක්වා සිටියා.
