ඩෙංගු මදුරුවා කලපුව සහ ළිං ආශි‍්‍රිතව.
2012 ජූලි 03 අඟහරුවාදා- පස්වරු 06:47
ඩෙංගු රෝගය සීග‍්‍රයෙන් දිවයිනේ දිස්ත‍්‍රික්ක රැසක ව්‍යාප්ත වද්දී ඩෙංගු මදුරුවා වෙනස් පරිසර තත්ත්වයන් යටතේ සිය වර්ගයා බෝ කිරීමට අනුවර්තනය වී තිබීම අවධානයට යොමුකළ යුතු කරුණක්. නවතම කීට විද්‍යා පරීක්ෂණවලට අනුව ඩෙංගු මදුරුවා කලපු සහ ළිං ආශ‍්‍රිතව සිය වර්ගයා බෝ කරන බවට කරුණු තහවුරු වී තිබෙනවා. හිරු ප‍්‍රවෘත්ති අංශය මේ පිළිබඳව අද දිනයේ කරුණු සොයාබැලූ අතර ඒ සඳහා අප දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත්තේ රුහුණු විශ්වවිද්‍යාලයේ ධීවර සහ සාගර විද්‍යා හා තාක්ෂණ පීඨයේ මත්ස්‍ය ජීව විද්‍යාව පිළිබඳව ජේ්‍යෂ්ඨ මහාචාර්ය රුචිරා කුමාරණතුංගයි.
