මහේල සහ තිලාන් බින්දුවයි.
2012 ජූලි 03 අඟහරුවාදා- පස්වරු 06:39
සංචාරක පකිස්ථාන කණ්ඩායම සහ ශි‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ සිව්වන දිනය නිමාවන විට ශි‍්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 5 ක් දැවී ලකුණු 278 ක් ලබා සිටියා. ශ‍්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් සාර්ථක ඉනිමක් ක‍්‍රීඩා කළ කුමා සංගක්කාර මේ වනවිට නොදැවී ලකුණු 144 ක් ලබා ගැනීමට සමත්වුණා. මීට අමතරව තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 121 ක් ලබාගනිමින් සිය ටෙස්ට් දිවියේ 14 වන ශතකය වාර්තා කළා. මීට අමතරව නායක මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීර අද දිනයේ කිසිදු ලකුණක් නොලබා දැවී යාමද විශේෂත්වයක් වුණා. මේ අතර පන්දු යැවීමේදී පකිස්ථානු කණ්ඩායමේ ජුනයිඞ් ඛාන් ලකුණු 56 කට කඩුලූ 3 ක් ලබාගත්තා.
