වංචාවට දූෂණය නීත්‍යානුකූල කරන්න එපා. - එ.ජා.ප.ය.
2012 ජූලි 03 අඟහරුවාදා- පස්වරු 06:49
ඉදිරි පළාත් සභා මැතිවරණයේදී වංචා සහ දූෂණයට නීත්‍යාණුකූල බලයක් ලබා නොදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මේ බව කියා සිටියා.
මේ අතර ශ‍්‍රී ලංකා එක්ස් නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
