අකුරැස්ස ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා අත්අඩංගුවට.
2012 ජූලි 04 බදාදා- පෙරවරු 07:48
වයස අවුරුදු 14ක දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ සභාපති එස්.එල්. සුනිල් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද (04) අලූයම 1ට පමණ මාතර ළමා හා කාන්තා කාර්යාංශය විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි. පසුගිය මැයි මස 23වැනිදාත්, 30 වැනිදාත් අතර දිනකදී අකුරැස්ස නගරයේ පිහිටි ප‍්‍රාදේශීය සභා සභාපතිවරයාට අයත් තාවකාලික ලැගුම්හලකදී මෙම දැරිය අපයෝජනයට ලක් කළ බවට මොහුට විරුද්ධව චෝදනා එල්ල වුණා. වයස අවුරුදු 48ක් වන මෙම පුද්ගලයා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කොට ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බවට පත්ව ඇත්තේ. සැකකරු අද (04) මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
