ඉසෙඞ් ස්කෝර් ගැන රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්.
2012 ජූලි 04 බදාදා- පෙරවරු 07:52
උසස් පෙළ විභාගයේ ඉසෙඞ් ලකුණු ක‍්‍රමය සකස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ අද (04) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි. විපක්ෂ නායකවරයා මෙම ප‍්‍රකාශය සිදුකරන්නේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 23 / 2 යටතේ පක්ෂ නායකයන්ට හිමිව ඇති වරප‍්‍රසාදය අනුවයි. පසුගිය වසරේ උසස් පෙළ විභාගයට නව සහ පැරණි නිර්දේශ යටතේ පෙනී සිටි සිසුන්ට අසාධාරණයක් නොවන පරිදි නව ඉසෙඞ් ලකුණු ක‍්‍රමයක් සකස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා තීන්දුවක් ලබාදුන්නා. ඒ අනුව නව ක‍්‍රමය සකස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී අද (04) කරුණු දැක්වීමට නියමිතයි.
