පාකිස්තාන - ශ‍්‍රී ලංකා අවසන් දිනය අද.
2012 ජූලි 04 බදාදා- පෙරවරු 08:25
සංචාරක පකිස්ථාන කණ්ඩායම සහ ශි‍්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පස්වන සහ අවසන් දිනය අදයි. ඊයේ (03) සිව්වන දිනය සඳහා තරගය නිමා කරන විට ශි‍්‍රී ලංකා පිළ කඩුලූ 5 ක් දැවී ලකුණු 278 ක් ලබා සිටියා. ශ‍්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූ කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 144 යි. පාකිස්තානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 551ක් රැස් කළා. කෙසේ වෙතත් මේ වන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානු පළමු ඉනිමට වඩා සිටින්නේ ලකුණු 273ක් පිටුපසින්.
