ඇසළ මහා සිසු පෙරහැර සාර්ථකයි.
2012 ජූලි 04 බදාදා- පෙරවරු 08:30
2600 වන ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මෙහෙයවීමෙන් සංවිධාන කර තිබූ ඇසළ මහා සිසු පෙරහැර ඊයේ (03) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැරඹීමට එක්ව තිබෙනවා. ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් අරලියගහ මන්දිරය ඉදිරිපිටදී පෙරහැර නැරඹීමට එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. ඇසළ මහා සිසු පෙරහැර සඳහා පාසල් 302 ක දරුවන් 12,500 කට අධික සංඛ්‍යාවක් එක්ව ඇති අතර, සියලූම නැටුම් අංගයන්ගෙන් පෙරහැර සමන්විතව තිබෙනවා. ඊයේ (03) පස්වරුවේ මහානාම විද්‍යාලය අසලින් ආරම්භ වූ ඇසළ මහා සිසු පෙරහැර ලිබර්ට් වට රවුමෙන්, ගාලූ පාර ඔස්සේ අරලියගහ මන්දිරයට පැමිණ රොටුන්ඩා උද්‍යානයෙන් නවම් මාවත ඔස්සේ ගංඟාරාම විහාරස්ථානයට පැමිණියා.
