මුස්ලිම් කොංග‍්‍රස් තීරණය අද.
2012 ජූලි 04 බදාදා- පෙරවරු 08:35
විසුරුවා හරින ලද පළාත් සභා මැතිවරණයට තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් මුස්ලිම් කොංග‍්‍රසය සිය අවසන් තීරණය අද (04) ගැනීමට නියමිතයි. පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර හසන් අලී කියා සිටියේ ඊයේ (03) දිනයේ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවති බවයි. එම සාකච්ඡාවේදී පළාත් සභාවට තරග කරන ආකාරය පිළිබද අවසන් තීරණයක් ගැනීමට නොහැකි වූ බවත් ඒ අනුව අද (04) පෙරවරුවේ තම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය යළි රැස්වී සාකච්ඡා කරන බවත් ඔහු සඳහන් කළා.
මේ අතර, දෙමළ ජාතික සන්ධානය පළාත් සභා මැතිවරණයට තරග කරන්නේ කෙසේ ද යන්න පිළිබදව ඔවුන්ගේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වී තීරණය කරන බව එහි පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ. සුමන්දිරන් ප‍්‍රකාශ කළා.
