තමිල්නාඩුවේ සිට ශ‍්‍රී ලංකාවට එන පිරිස වැඩිවේ.
2012 ජූලි 04 බදාදා- පෙරවරු 08:36
තමිල්නාඩුවේ සිටින ශ‍්‍රී ලාංකිකයන් සිය රට පැමිණීමේ ප‍්‍රවණතාව ඉහළ ගොස් තිබෙනවා. තමිල්නාඩුවේ බලධාරීන් සඳහන් කළේ පසුගිය වසර 2 තුළ පමණක් පවුල් 1557 කට අයත් පුද්ගලයින් 5058 ක් මෙරටට පැමිණ ඇති බවයි. ශ‍්‍රී ලංකාවෙන් ත‍්‍රස්තවාදය තුරන් කිරීමත් මෙරට සීග‍්‍ර සංවර්ධනයක් කරා යොමු වීමත් නිසා මොවුන් මෙරටට පැමිණෙන බව එම වාර්තාවල දැක්වෙනවා. 1983 වසරේ සිට යුද්ධය පැවති කාලසීමාව තුළ ශ‍්‍රී ලාංකිකයන් තුන්ලක්ෂ හාරදහස් අසූ දෙදෙනෙකු සරණාගතයින් ලෙස තමිල්නාඩුවට ගොස් තිබෙනවා. ඔවුන් තමිල්නාඩුවේ පිහිටි කඳවුරු 126ක රඳවා සිටින අතර ඔවුන්ගෙන් පුද්ගලයින් 67,930 දෙනෙකු එම කඳවුරු තුළ තවදුරටත් රැඳී සිටිනවා.
