ඕස්ටේ‍්‍රලියාවට යන ශ‍්‍රී ලාංකික සරණාගතයින් ඉහළ යයි.
2012 ජූලි 04 බදාදා- පෙරවරු 08:36
ගතවූ මාස 6ක කාලය තුළ ඕස්ටේ‍්‍රලියාවට ගොස් ඇති ශ‍්‍රී ලාංකික සරණාගතයින්ගේ සංඛ්‍යාව 6 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ මුල් මාස 6 තුළ සරණාගතයන් ලෙස 211 දෙනෙකු ඕස්ටේ‍්‍රලියාවට ගොස් ඇති අතර එය මේ වසරේ මේ වන විට 1346 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්. ගතවූ අවසන් සති 3 තුළ පමණක් පුද්ගලයන් 600 දෙනෙකු මෙලෙස ඕස්ටේ‍්‍රලියාවට ගොස් ඇති බව ඕස්ටේ‍්‍රලියානු වාර්තා පෙන්වා දෙනවා. පවතින තත්ත්වය මත මෙලෙස සරණාගතයන් ලෙස ඕස්ටේ‍්‍රලියාවට පැමිණෙන ශි‍්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව තවදුරටත් වර්ධනය විය හැකි බවයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. මීට පෙර එක් වසරකදී ඕස්ටේ‍්‍රලියාවට සරණාගතයන් ලෙස ගිය වැඩිම ශ‍්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව වාර්තාවී තිබුණේ 708 දෙනෙක් ලෙසයි.
