රන් වෙනුවට ඊයම් විකිණීමේ ජාවාරමක්.
2012 ජූලි 04 බදාදා- පෙරවරු 08:37
දිවයිනේ විවිධ ප‍්‍රදේශවල මහජනතාව මුළා කරමින් ව්‍යාජ රත්රන් අලෙවි කරමින් සිටි කල්ලියක් අලවතුගොඩ පොලීසිය විසින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අලවතුගොඩ පොලීසියට ලැබුණු තොරතුරකට අනුව නිධානයකින් ගත් පිරිසිදු රත්රන් බවට ඒත්තු ගන්වමින් ව්‍යාජ රත්රන් ගුලි විවිධ ප‍්‍රදේශවල දිගු කාලයක් පුරා මෙම පිරිස අලෙවි කර ඇති බව සඳහන්. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මොවුන් සතුව තිබී ව්‍යාජ රන් ගුලි කිලෝ ග‍්‍රෑම් 2 ක්, ඒ සඳහා යොදාගන්නා ඊයම් ස්පේ‍්‍ර යන්ත‍්‍රයක් සහ මුදල්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. දැනට මෙම කල්ලියෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගලයන් දෙදෙනෙක් පමණයි. සැකකරුවන් අද (04) මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලීසිය සඳහන් කළේ ජනතාව රන් මිලදී ගැනීමේ දී දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවයි.
