ධීවරයින් ඉල්ලා දකුණු ඉන්දියාවේ විරෝධතාවක්.
2012 ජූලි 04 බදාදා- පෙරවරු 10:58
තලෙයිමන්නාරමට උතුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබු ඉන්දීය ධීවරයින් 10 දෙනා මේ මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ට්‍රෝලර් යාත‍්‍රා දෙකක් සහ ධීවර ආම්පන්න සමග මොවුන් තලෙයිමන්නාරම නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා දිනයේයී. කෙසේ වෙතත්, මෙම ධීවරයින් නිදහස් කරන ලෙස ඉල්ලා රාමේෂ්වරම් ධීවරයින් විසින් ආරම්භ කරනු ලැබු විරෝධතාවයන් අද (04) දිනයේද කි‍්‍රයාත්මකයි. මේ නිසා එහි ධීවර කටයුතු අඩාල වී ඇති අතර, මාළු මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.
