තංගල්ලේදී දැරියක් කෙලෙසූ සන්ධාන මන්තී‍්‍ර භාරවෙයි.
2012 ජූලි 04 බදාදා- පස්වරු 12:24
තංගල්ල නගරයේ සංචාරක හෝටලයක රඳවාගෙන 13 හැවිරිදි බාල වයස්කාර දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තංගල්ල නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරයෙකු ඇතුළු තවත් සැකකරුවන් තිදෙනෙකු පොලීසියට භාර වී තිබෙනවා. අද (04) පෙරවරුවේ නීතිඥයෙකු මාර්ගයෙන් මොවුන් තංගල්ල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත භාර වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මේ වනවිට භාර වූ පුද්ගලයින්ගෙන් ප‍්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව තංගල්ල පොලිසියේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළා. දින 06 ක කාලයක් තංගල්ල සංචාරක හෝටලයක රඳවාගෙන මෙම දැරිය අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 17 ක්. ඔවුන් අතර, තංගල්ල ප‍්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනෙකු මෙන්ම අදාළ හෝටලයේ කළමනාකරුද වනවා.
එමෙන්ම, වයස අවුරුදු 14 ක දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද අළුයම අත්අඩංගුවට ගනු ලැබූ අකුරැුස්ස ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුගිය මැයි මාසයේදී සැකකාර ප‍්‍රාදේශීය සභා සභාපතිවරයාට අයත් තාවකාලික ලැගුම්හලකදී මෙම දැරිය අපයෝජනයට ලක්කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණා.
