ශී‍්‍ර ලංකාව 367/5 යි.
2012 ජූලි 04 බදාදා- පස්වරු 12:51
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශී‍්‍ර ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පස්වන සහ අවසන් දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුළු 05 ක් දැවී ලකුණු 367 ක් රැස්කරගෙන සිටිනවා. නොදැවී පන්දුවට පහරදෙන කුමාර් සංගක්කාර ලකුණු 187 යි. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 46 යි. මේ වනවිට ශී‍්‍ර ලංකා කණ්ඩායම පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 184 ක් පිටුපසින් සිටිනවා. පාකිස්තාන පිල සිය පළමු ඉනිම සඳහා කඩුළු 06 ක් දැවී ලකුණු 551 ක් රැස්කරගෙන සිටියදී ඉනිම අත්හිටුවා ශී‍්‍ර ලංකා කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළා.
