ප‍්‍රංශ හිටපු ජනපතිගේ නිවස පොලිස් පරීක්ෂාවට.
2012 ජූලි 04 බදාදා- පස්වරු 12:54
ප‍්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලොස් සාර්කෝසිගේ නිවස සහ කාර්යාලය එරට පොලිසිය විසින් පරීක්ෂාවට ලක්කර තිබෙනවා. 2007 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ප‍්‍රංශයේ ධනවත්ම කාන්තාව වන ලිලියන් බැට්න් කේට්ගෙන් නීතිවිරෝධී ලෙස මුදල් ලබාගැනීමේ චෝදනාව මතයි මෙලෙස සාර්කෝසිගේ නිවස සහ කාර්යාලය පරීක්ෂාවට ලක් කර ඇත්තේ. දැනට නිකොලොස් සාර්කෝසි කැනඩාවේ ජීවත් වනවා. ප‍්‍රංශයේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමට හැකියාවක් නැහැ. කෙසේ වෙතත්, පසුගියදා පැවති ජනාධිපතිවරණ සටනෙන් ඔහු පරාජයට පත්වුණා. එරට ව්‍යවස්ථාවට අනුව එක් පුද්ගලයෙකුගේ දේශපාලන කටයුතු සඳහා වියදම් කළ හැක්කේ යුරෝ 4600 ක් පමණයි. එහෙත් මෙම කාන්තාව සාර්කෝසි වෙනුවෙන් යුරෝ එක් ලක්ෂ 50,000 ක් ලබාදී තිබෙනවා. ඒ වෙනුවෙන් ඇයට ප‍්‍රංශයේ සිවිල් වැසියෙකුට ලබාදෙන ඉහළම සම්මානය සාර්කෝසි විසින් ලබාදී ඇති අතර, එය නීතිවිරෝධී කටයුත්තක් ලෙසයි එරට මාධ්‍ය වාර්තා කළේ.
