විදුලි සේවකයින් තවමත් වර්ජනයේ.
2012 ජූලි 04 බදාදා- පස්වරු 01:03
ලංකා විදුලිබල මණ්ඩල විධායක නොවන ශ්‍රේණියේ වෘත්තීය සමිති 28 ක් ඊයේ (03) මධ්‍යම රාති‍්‍රයේ ආරම්භ කළ එක්දින සංකේත වැඩවර්ජනය තවදුරටත් කි‍්‍රයාත්මකයි. ලංවිම ජාතික සේවක සංගමයේ සමුළු ලේකම් ජී. වීරසේකර කියා සිටියේ තම ගැටළුවලට නිසි විසඳුමක් ලබාදීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවයි.
මේ පිළිබඳව හිරු ප‍්‍රවෘත්ති අංශය විෂය භාර අමාත්‍ය පාඨලී චම්පික රණවකගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ විදුලිබල මණ්ඩලයේ සේවකයින් ආරම්භ කර ඇති මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගය හේතුවෙන් විදුලිබල සැපයුමට කිසිදු බාධාවක් සිදුවී නොමැති බවයි.
