අධිකරණයෙන් වරදකරුවන් වූවන්ට සන්ධානයේ නාමයෝජනා නෑ.
2012 ජූලි 04 බදාදා- පස්වරු 01:07
පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂා කරන හිටපු මැති ඇමතිවරුන්ද මෙවර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී විය යුතු බව පක්ෂ මහ ලේකම් අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන පවසනවා. කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එහිදී අධිකරණයෙන් වරදකරුවන් වූ පුද්ගලයින්ට මැතිවරණයේදී නාමයෝජනා ලබානොදීමට තීරණය කළ බවයි. එමෙන්ම, මැති ඇමතිවරුන්ගේ පවුල්වල ඥාතීන්ට පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට ඉඩ ලබා නොදෙන බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා. විසුරුවා හැරුණු උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභාවල සන්ධාන මහ ඇමති අපේක්ෂකයන් මෙතෙක් නම් කර නොමැති බවත් එය නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කරන බවත්, ඔහු වැඩිදුරටත් කියා සිටියා.
