වාර්තා තැබූ සංගක්කාරට වාර්තාවක් අහිමි වෙයි.
2012 ජූලි 04 බදාදා- පස්වරු 01:31
ටෙස්ට් තරගවලදී වැඩිම ද්විත්ව ශතක සංඛ්‍යාවක් ලබාගත් දෙවන කී‍්‍රඩකයා බවට පත්වීමට කුමාර් සංගක්කාරට තිබූ අවස්ථාවක් අද (04) මඟ හැරී ගියා. ඒ, කොළඹ එස්.එස්.සී. පිටියේ දැන් පැවැත්වෙන ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ලකුණු 192 ක් ලබා සිටි සංගක්කාර අබ්දුල් රෙහමාන් එවූ පන්දුවකට දැවී යාමත් සමගයි. මෙම තරගයේදී කුමාර් සංගක්කාර ද්විත්ව ශතකයක් රැස්කළේ නම් ද්විත්ව ශතක 09 ක් ලබා බටහිර ඉන්දීය කොදෙව් කී‍්‍රඩක බ‍්‍රයන් ලාරා රැස්කර තිබූ වාර්තාව සම කිරීමට අවස්ථාව උදා වී තිබුණා. ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ වැඩිම ද්විත්ව ශතක සංඛ්‍යාවක් රැස්කර ඇත්තේ ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්. ඔහු රැස්කර ඇති ද්විත්ව ශතක සංඛ්‍යාව 12 ක්.
