බාල වයස්කාර දැරිය අපයෝජනයට එරෙහිව තංගල්ලේ උද්ඝෝෂණ.
2012 ජූලි 04 බදාදා- පස්වරු 02:00
තංගල්ල සංචාරක හෝටලයකදී 13 හැවිරිදි බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් තංගල්ල බස් නැවතුම් පළ අසලදී අද (04) දහවල් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. මෙය සංවිධානය කර තිබුණේ ස්වාභිමාණි කාන්තා සංවිධාන එකමුතුව විසින්. මෙම බාල වයස්කාර දැරිය අපයෝජනය කළ බව කියන තංගල්ල නාගරික මන්ත‍්‍රීවරයෙකු ඇතුළු සිව්දෙනෙක් අද උදෑසන තංගල්ල පොලීසිය වෙත බාරවුණා. විරෝධතාවයේ නිරතවූ කාන්තාවන් ඉල්ලා සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට උපරිම දඩුවම් ලබාදෙන ලෙසයි.
