උතුරේ ඡන්දය වසරක් ඇතුළත.
2012 ජූලි 04 බදාදා- පස්වරු 06:45
අද සිට වසරක කාලයක් තුළ නියත වශයෙන්ම උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කළා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ අදහස් දැක්වූ එම පක්ෂයේ භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම.
මේ අතර දූෂණ සහ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් ඔප්පු කළ හැකි චෝදනා තිබෙන පළාත් සභාවල හිටපු ඇමතිවරයෙකුට හෝ කිසිදු මන්ත‍්‍රිවරයෙකුට මෙවර නාමයෝජනා ලබා නොදීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වූ පක්ෂ මහ ලේකම් අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන එහිදී තවදුරටත් කියා සිටියේ මැති ඇමතිවරුන්ගේ පවුලේ සාමාජිකයන්ටද නාම යෝජනා ලබා නොදෙන බවයි.
