බල්ලා සහ කොටියා ඡන්දයෙන් ඉවතට.
2012 ජූලි 04 බදාදා- පස්වරු 06:57
දැනට නියම කර ඇති පක්ෂ ලාංඡන දෙකක් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය ප‍්‍රකාශ කළා. ඒ අනුව, බල්ලා සහ කොටියා යන සලකුණු දෙක කිසිදු දේශපාලන පක්ෂයකට භාවිත කළ නොහැකි බවයි රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හමුවෙමින් ඔහු කියා සිටියේ. සේසත, නෙළුම් මල, සිංහයා, දෑකැත්ත සහ මිටිය මෙන්ම කඩු යුගල ද පක්ෂ ලාංඡන ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් සලකා බැලෙනු ඇති. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය.
ඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ද මැතිවරණ කොමසාරිස්වරයා මෙහිදී අදහස් පළ කළා. ඔහු කියා සිටියේ සැප්තැම්බර් මස 1 , 8 හෝ 15 යන දින තුනෙන් එකකදී මැතිවරණය පැවැත්වෙන බවයි. එය නාම යෝජනා භාර දෙන පක්ෂ සහ කණ්ඩායම් සංඛ්‍යාව සලකා බලා තීරණය කරන බව ද මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියා. තැපැල් ඡන්ද අයදුම් කිරිමේ කාලසීමාව ද මේ මස 19 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. යම් ඡුන්ද මධ්‍යස්ථානයක ඡන්ද දූෂණ සිදුවුවහොත් නියත වශයෙන්ම එම ස්ථානයේ ඡන්දය ශුන්‍ය කරන බව ද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය තවදුරටත් සඳහන් කළා. ශබ්ද විකාශන යන්ත‍්‍ර යොදා ගෙන රථ වාහන ධාවනය කරමින් සිදුකරන ප‍්‍රචාරක කටයුතු නැවැත්වීමට කටයුතු කරන බව ද ඔහු මෙහිදී සඳහන් කළේ එය විභාග කොමසාරිස්වරයාගේ ඉල්ලීමක් බව සිහිපත් කරමින්.
ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා රුපියල් මිලියන 600 ක මුදලක් වැය වෙතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය අපේක්ෂා කරන අතර දේශීය නිරික්ෂණ කණ්ඩායම් 5 කට මැතිවරණ නිරික්ෂණය කිරිමට අවස්ථාව සැළසෙනු ඇති.
