දෙවන තරඟය ජය පැරදුමෙන් තොරයි.
2012 ජූලි 04 බදාදා- පස්වරු 07:10
ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර කොළඹ එස්. එස්. සී පිටියේ පැවති දෙවන ටෙස්ට් තරඟය අද (04) ජය පරාජයකින් තොරව අවසන් වුණා. පාකිස්ථාන කණ්ඩායම තරඟයේ සිය පළමු ඉනිම සඳහා කඩුලූ 6 ක් දැවී ලකුණු 551 ක් රැස් කළ අතර ශ‍්‍රී ලංකා පළමු ඉනිම සියලූදෙනා දැවී ලකුණු 391 කට සීමා වුණා. එහිදී කුමාර් සංගක්කාර ලකුණ 192 ක් රැස් කළ අතර පළමු ටෙස්ට් තරඟයේදී මෙන්ම මෙවරත් ඔහුට ද්විත්ව ශතකය ලබාගැනීමට තිබු අවස්ථාව මගහැරී ගියා. නැවතත් පිටියට පිවිසි පාකිස්ථාන කණ්ඩායම සිය දෙවෙනි ඉනිම වෙනුවෙන් කඩුලූ දෙකක් දැවී ලකුණු 100 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 261 ක ජයග‍්‍රාහී ඉලක්කයක් ලබාදුන්නා. එහෙත් තරඟයේ අවසාන දිනය වන අද නියමිත වේලාව අවසන් වනවිට ශ‍්‍රී ලංකා කණ්ඩායම ලබාගෙන තිබුණේ. කඩුලූ දෙකක් දැවී ලකුණු 86ක් පමණයි. ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරඟය ජූලි 8වැනිදා මහනුවර පල්ලේකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
