තමිල්නාඩුවේ 96000 ක් අත්අඩංගුවට.
2012 ජූලි 04 බදාදා- පස්වරු 07:18
තමිල්නාඩු මහ ඇමතිණි ජයලලිතා ජයරාම්ගේ පාලනයට එරෙහිව උද්ඝෝෂණවල නිරතවූ පුද්ගලයින් 96000 ක් පමණ අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය වාර්තා සඳහන් කළේ ජයලලිතා ජයරාම්ගේ පාලනය දූෂිත බව පවසමින් තමිල්නාඩුවේ හිටපු මහ ඇමති එම්. කරුණානිධිගේ ද්‍රාවිඩ මුන්නේත‍්‍ර කලහම් පක්ෂයේ ආධාරකරුවන් අද උද්ඝෝෂණයක නිරතවූ බවයි. එහිදී පාලනයට විරුද්ධව කැරළි ගැසීම යටතේයි මෙම පිරිස තමිල්නාඩු පොලීසිය විසින් ස්ථාන කිහිපයකදී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. අත්අඩංගුවට පත්වූවන් අතර කාන්තාවන් 12960 දෙනෙකුද ඇතුළුව කරුණානිධිගේ පුත‍්‍රයා වන ස්ටාලින් සහ දියණිය වන කනිමෝලි ඇතුළු හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකු ද වන බව සඳහන්.
