සෞඛ්‍ය වෘත්තීය සමිති යළි දෙපැත්තේ.
2012 ජූලි 04 බදාදා- පස්වරු 07:20
සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෘත්තීය සමිති කිහිපයක් කොළඹදී අද මාධ්‍ය හමු කැඳවා තිබුණා. සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස්ගේ ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් ඔවුන් සිය විරෝධය පළ කළා. ඔහු විසින් සිදුකර ඇති අක‍්‍රමිකතා පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මුනිවත රකින බවද එම වෘත්තීය සමිති සන්ධානයේ ප‍්‍රධාන ලේකම් සමන් රත්නප‍්‍රිය කියා සිටියා.
කෙසේ වෙතත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් එම සංගමය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව දැක්වූයේ වෙනත් ප‍්‍රතිචාරයක්.
