ජ.වි.පෙ. කණ්ඩායම් නායකයන් පත් කරයි.
2012 ජූලි 04 බදාදා- පස්වරු 07:21
ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් නායකයින් පත් කර තිබෙනවා. ඒ අනුව, උතුරුමැද පළාත් සභාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සමරසිංහ සබරගමුව පළාත් සභාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණී රත්නායක, නැගෙනහිර පළාත් සභාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත පියතිස්ස යන අය පත් කර ඇති බවයි එම පෙරමුණ පවසන්නේ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් නාමයෝජනා කමිටුව විසින් එම කණ්ඩායම් නායකයින්ව පත් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
