එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ගැන තවත් චෝදනා.
2012 ජූලි 04 බදාදා- පස්වරු 07:24
දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ව්‍යාපාරය කොළඹදී අද (04) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, නව සමසමාජ පක්ෂය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලූ සිවිල් සංවිධාන කිහිපයක් ඊට එක්ව සිටියා. මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන් ප‍්‍රකාශ කළේ එල්.ටී.ටී.ඊ. දෙමළ සැකකරුවන් සම්බන්ධයෙන් ආණ්ඩුව දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවයි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දොස්තර ජයලත් ජයවර්ධනද මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූවා.
මේ අතර වවුනියාව බන්ධනාගාරයේ පසුගියදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවකදී ශි‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන අදහස් පළ කළා.
