සෞදියේ බුදුන් ඇදහූ ශ‍්‍රී ලාංකික තරුණයෙකුට මරණ දඬුවම්.
2012 ජූලි 05 බ්‍රහස්පතින්දා- පෙරවරු 08:39
සෞදි අරාබියේ ගෘහ සේවයේ නිරතව සිටි ශ‍්‍රී ලාංකික තරුණයෙකුට ෂරියා නීතිය යටතේ හිස ගසා දැමීම සඳහා සැළසුම් සකස් කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි බොදු බල සේනා සංවිධානය පවසනවා. මෙම තරුණයා බෞද්ධයෙකු වන අතර ඔහු සේවය කළ නිවසේ නවාතැන් ගෙන සිටි ස්ථානයේ බුදුන්ට වන්දනාමාන කිරීම ඔහු ලබා ඇති චෝදනා බව සඳහන්. මේ වනවිට ඔහු සෞදි අරාබියේ පොලීසිය විසින් සිරබාරයට පත් කර ඇති බවයි බොදු බල සේනා සංවිධානයේ ප‍්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ පිළිබඳ විමසීම සඳහා විදේශ රැකියා ප‍්‍රවර්ධන අමාත්‍යවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට හිරු ප‍්‍රවෘත්ති අංශය උත්සාහ කළද එය ව්‍යවර්ථ වුණා.
