මහේල වැරදීමට හේතු කියයි.
2012 ජූලි 05 බ්‍රහස්පතින්දා- පෙරවරු 09:04
පාකිස්ථානය සමග පැවති දෙවන ටෙස්ට් තරඟයේ ප‍්‍රතිඵලය තමන් කාසියේ වාසිය දිනා පන්දුවට පහර නොදීමේ වරද නිසා ඇතිවූවක් බව ශ‍්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පවසනවා. කොළඹ එස්. එස් සී. පිටියේදී තරඟය ඊයේ (04) නිමාවට පත්වූයේ ජය පැරදුමකින් තොරවයි. වරෙක ශ‍්‍රී ලංකා කණ්ඩායමට නැවතත් පන්දුවට පහරදීම සඳහා ආරාධනා කිරීමට තරම් ප‍්‍රබල තත්ත්වයක පාකිස්ථාන පිල පසුවුණා. එහෙත් එම අවස්ථාව වැළකී ගියේ සංගක්කාර, ඩිල්ෂාන් සහ ඇන්ජලෝ මැතිව්ස් පිත්තෙන් දැක්වූ දස්කම් නිසායි. කෙසේ නමුත් දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය, නොපිටට පෙරළුනු කාසියක් වැනි බවයි මහේල කියා සිටියේ. එහෙත් සිය සැළසුම ක‍්‍රියාත්මක වූයේ නම් තරඟයේ තීරණය මීට වඩා වෙනස් විය හැකිව තිබූ බව මහේල කියා සිටියා. තරඟයේ මුල් දිනයේ දිවා භෝජනයට පෙර කඩුලූ 3 ක් හෝ 4 ක් ලබා ගැනීම තම අපේක්ෂාව වූ බවයි මහේල සඳහන් කළේ. එහෙත් පාකිස්ථානය මුල් ඉනිම සඳහා වාර්තාගත සබඳතා සමග ලකුණු 551 ක් රැස් කළේ කඩුලූ 6 ක් පමණක් බිඳ වැටී තිබියිදියි.
