450 පාන් වෙනුවට 250ටත් පාන්.
2012 ජූලි 05 බ්‍රහස්පතින්දා- පෙරවරු 09:06
නුවරඑළිය ප‍්‍රදේශයේ නිශ්චිත බර ප‍්‍රමාණයට අඩුවෙන් පාන් අලෙවි කළ බේකරි දෙකක් සහ වෙළඳ සැල් 4 ක් වැටලීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවරගෙන තිබෙනවා. නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඊයේ දවස පුරා මෙම වැටලීම් සිදුකළ බවයි. දැනට රජය විසින් පාන් ගෙඩියක බර ග‍්‍රෑම් 450 ක් ලෙස තහවුරු කර තිබෙනවා. එය රුපියල් 55 කටයි වර්තමානය වනවිට අලෙවි වන්නේ. නමුත් නුවරඑළිය ප‍්‍රදේශයේ පාන් ගෙඩියක් ග‍්‍රෑම් 250ක බරකින් යුක්තව සකසා රුපියල් 40 කට අලෙවි කරනු ලබනවා. නමුත් පාන් ගෙඩියක නියමිත බර වන්නේ ග‍්‍රෑම් 450 ක්. එම නිසා ඉදිරියේදී අඛණ්ඩව වැටලීම් සිදුකරන බවයි දිස්ත‍්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
