එස්.එල්.පී.එල්. තරගාවලියට විදේශ කී‍්‍රඩකයින් 56 ක්.
2012 ජූලි 06 සිකුරාදා- පෙරවරු 08:06
ශී‍්‍ර ලංකා පී‍්‍රමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් හතේ විදෙස් කී‍්‍රඩකයින් ඊයේ (05) ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ අනුව කණ්ඩායම් 07 සඳහා විදෙස් කී‍්‍රඩකයින් 56 දෙනෙකු ඇතුළත්. මොවුන් අතර වැඩි සංඛ්‍යාවක් පාකිස්තාන සහ ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයින්. උතුර කණ්ඩායම සඳහා ෂකිබ් අල් හසන්, බ්‍රෙන්ඩන් ටේලර් මෙන්ම නැගෙනහිර කණ්ඩායම වෙනුවෙන් මිචෙල් මාර්ෂ්, නසීර් හුසේන්ද, රුහුණු කණ්ඩායම වෙනුවෙන් සහීඞ් අෆ්රීඩි, රයන් හැරිස්, වයඹ කණ්ඩායම වෙනුවෙන් උමාර් අක්මාල් සහ බ‍්‍රැඞ් හොග් ද, කඳුරට කණ්ඩායම වෙනුවෙන් සයීඞ් අජ්මාල්, මිස්බා උල්හක්, සොහිල් තන්වීර්, ඇල්බි මෝකල්, බස්නාහිර කණ්ඩායම වෙනුවෙන් බ‍්‍රැඞ් හොජ්, ඩැනියෙල් ස්මිත්ද, ඌව කණ්ඩායම වෙනුවෙන් කි‍්‍රස් ගේල්, උමාර් ගුල්, ජේම්ස් ෆ්රැන්ක්ලින් යන කී‍්‍රඩකයින් ඇතුළත් වනවා. මෙම විදෙස් කී‍්‍රඩකයින් අතරට එංගලන්ත සහ ඉන්දියානු කී‍්‍රඩකයින් ඇතුළත් වී නැහැ.
