සෝනක්ෂි පෙම්වතියක්.
2012 ජූලි 06 සිකුරාදා- පෙරවරු 08:20
බොලිව්ඩුවලට පය ගහපු දවසේ ඉඳන්ම සෝනක්ෂි සිංහට රඟපාන්න හම්බවුණේ අවුරුදු 40 ට වැඩි නළුවොත් එක්ක. ඒ විතරක් නම් මදෑ දැන් ඇය පෙම්වතා හැටියට තෝරගෙන තියෙන්නෙත් ඒ වයසේ කෙනෙක්ව. ඔහු ව්‍යාපාරිකයෙක් වගේම බොලිවුඞ් නළු සොහෙල් ඛාන්ගේ මස්සිනා කෙනෙක්. නම බන්ටි. මීට කලින් ඔහු සුෂ්මිතා සෙන් වගේම නේහා ඩූපියා එක්කත් යාළුවෙලා ඉඳලා තියෙනවා. ඒ ඔක්කොමත් හරි කියමුකෝ, මෙච්චර ලස්සන සෝනක්ෂි පෙම්වතා හැටියට තෝරාගෙන තියෙන්නේ කලින් විවාහවෙලා දික්කසාද වුණ කෙනෙක්ව. මේ සම්බන්ධය රහසක් හැටියට තියා ගන්න සෝනක්ෂි සෑහෙන උත්සාහ කරනවා. ඒත් ඉතින් ඕවා අපෙන් හංගන්න බෑ.
