යුරෝපය කාලගුණ චන්ද්‍රිකාවක් උඩු ගුවනට යවයි.
2012 ජූලි 06 සිකුරාදා- පෙරවරු 08:30
යුරෝපා සංගමය විසින් දීර්ඝ කාලීනව සැලසුම් කළ කාලගුණ චන්ද්‍රිකා පෙළට අයත් නවතම චන්ද්‍රිකාව දැන් උඩු ගුවනට පිවිසී තිබෙනවා. ඒරියාන් රොකට්ටුවක් මගින් උඩු ගුවනට යැවුණු චන්ද්‍රිකාව දැන් පොළොවට කිලෝමීටර් 36,000 ක් ඉහළින් ස්ථානගත වී පවතින බවයි යුරෝපීය කාලගුණ විද්‍යායතනය ප‍්‍රකාශ කළේ. එමගින් පෘථිවියේ කාලගුණ පද්ධතීන් හි වර්ධනයන් නිරන්තර අවධානයට යොමු කරනු ඇති. දැන් මෙලෙස උඩු ගුවනට යවා ඇත්තේ යුරෝපීය කාලගුණ විද්‍යා චන්ද්‍රිකා පෙළට අයත් දසවන චන්ද්‍රිකාවයි. යුරෝපයේ කාලගුණ විද්‍යා චන්ද්‍රිකා වැඩසටහන 1977 වසරේදී ආරම්භ කරන ලද්දක්.
