ගෝල හරි දැයි බලන්න අලූත් ක‍්‍රමයක්.
2012 ජූලි 06 සිකුරාදා- පස්වරු 01:06
පාපන්දු තරගවලදී ගෝල ලබා ගැනීම වඩාත් නිවැරදි ආකාරයෙන් හඳුනා ගැනීම සඳහා නව තාක්ෂණික ක‍්‍රමවේදයක් හඳුන්වාදීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කොට තිබෙනවා. කි‍්‍රකට් කී‍්‍රඩාවේ ඇති ඞී.ආර්.එස්. ක‍්‍රමවේදයට සමානව මෙම නව තාක්ෂණ ක‍්‍රමවේදය කි‍්‍රයාත්මක වනු ඇති. හෝක් අයි - ගෝල් රෙෆ් ලෙස හැඳින්වෙන මෙම ක‍්‍රමවේදයේදී කැමරා භාවිත කරමින් කී‍්‍රඩකයින් විසින් ලබාගන්නා ගෝලවල නිවැරදිතාවය පරීක්ෂා කිරීමට නියමිතයි. එමෙන්ම, ගෝලයක් වාර්තා කිරීමෙන් අනතුරුව තරග විනිසුරුවරයාගේ තීරණයට අභියෝග කිරීමටද නව ක‍්‍රමය යටතේ ප‍්‍රතිවාදී කණ්ඩායමට අවස්ථාව හිමිවනවා. මෙම ක‍්‍රමවේදය ඉදිරියේදී පැවැත්වීමට නියමිත බි‍්‍රතාන්‍ය පාපන්දු ලීග තරගාවලිය සමග ආරම්භ වන අතර, එය 2014 ලෝක පාපන්දු කුසලානයේදීද භාවිත කරන බවයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පෙන්වා දෙන්නේ. එමෙන්ම, දැනට ලොව පුරා ඇති සෑම ජාත්‍යන්තර පාපන්දු කී‍්‍රඩාංගනයකම මෙම ක‍්‍රමවේදය භාවිත කළ හැකි ආකාරයෙන් සකස් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.
