SLPL දේශීය ක‍්‍රීඩකයින් තෝරා ගැනේ.
2012 ජූලි 07 සෙනසුරාදා- පෙරවරු 07:48
ශ‍්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය සඳහා දේශීය ක‍්‍රීඩකයින් වෙන් කිරීම ඊයේ සිදුවුණා. එහිදී ක‍්‍රීඩකයින් 6 දෙනෙකු ඇමරිකානු ඩොලර් 35,000 බැගින් වූ ඉහළ මිලකට කණ්ඩායම් සඳහා වෙන් කෙරුණු බවයි වාර්තා වන්නේ. සනත් ජයසූරිය, දිනේෂ් චන්දිමාල්, චාමර කපුගෙදර, නුවන් කුලසේකර, තිසර පෙරේරා සහ රංගන හේරත්ටයි එලෙස එස්.පී.එල්. තරගාවලියේ දී ඉහළ මිලක් හිමි වන්නේ. දේශීය ක‍්‍රීඩකයින් 107 දෙනෙකු එස්.එල්.පී.එල්. තරගාවලියේ කණ්ඩායම් 7 සඳහා වෙන් කර තිබෙනවා. සනත් ජයසූරිය කඳුරට පිළ සඳහා තෝරාගෙන ඇති අතර, වයඹ කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන සිය කණ්ඩායමට මුලින්ම තෝරාගෙන ඇත්තේ දිනේෂ් චන්දිමාල්. තිසර පෙරේරා කඳුරට කණ්ඩායමටත්, නුවන් කුලසේකර නැගෙනහිර කණ්ඩායමටත් තෝරාගෙන ඇති අතර චාමර කපුගෙදර තෝරාගෙන ඇත්තේ උතුර කණ්ඩායමටයි. රංගන හේරත් බස්නාහිර පිළට තෝරාගෙන ඇති අතර ශ‍්‍රී ලංකා පිළේ හිටපු වේග පන්දු යවන්නෙකු වූ චමින්ද වාස් ඇමරිකානු ඩොලර් 25,000ක මුදලකට වයඹ කණ්ඩායම සඳහා තෝරා ගැනුණා.
