නැගෙනහිර ටිමෝරයේ මහ මැතිවරණය අදයි.
2012 ජූලි 07 සෙනසුරාදා- පෙරවරු 09:42
ලොව අලූතින්ම බිහි වූ රාජ්‍යයක් වන නැගෙනහිර ටිමෝරයේ මහ මැතිවරණය අද (07) පැවැත්වෙනවා. ඒ, සඳහා දේශපාලන පක්ෂ 21ක් තරග වදින අතර, ලියාපදිංචි ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව හයලක්ෂ 45,000ක්. නැගෙනහිර ටිමෝරයේ ජනාධිපතිවරණය පසුගිය මාර්තු සහ අපේ‍්‍රල් මාසවල පැවැත්වුණේ වට දෙකකින්. ඛනිජ තෙල් සම්පතින් පොහොසත් එහෙත්, ඌන සංවර්ධිත නැගෙනහිර ටිමෝරය 1975 වසරේ දී පෘතුගාලයෙන් නිදහස ලැබූ අතර, ඉන් පසුව වසර 24ක් ඉන්දුනීසියානු පාලනය යටතේ පැවතුණා. නැගෙනහිර ටිමෝරය ස්වාධීන රාජ්‍යයක් බවට පත් කිරීමට මුල් වූ ජගත් සංවිධානයේ සාම සාධක භටයින් 1300ක් එහි රඳවා ඇති අතර ශ‍්‍රී ලාංකික ආරක්ෂක හමුදා සාමාජිකයින් ද ඊට ඇතුළත්.
