හිලරි ක්ලින්ටන් හදිසියේම ඇෆ්ගනිස්ථානයට යයි.
2012 ජූලි 07 සෙනසුරාදා- පෙරවරු 09:44
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් කලින් දැනුම් නොදුන් හදිසි චාරිකාවක් සඳහා ඇෆ්ගනිස්ථානයට පැමිණ තිබෙනවා. එහිදී ඇය ජනාධිපති හමිඞ් කර්සායි මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතයි. ඇෆ්ගනිස්ථානය ගොඩනැගීම සඳහා විදේශ ආධාර ලබා ගැනීමේ සමුළුවක් හෙට ජපානයේ ටෝකියෝ නුවර දී ආරම්භ වනවා. ඊට පෙර ඇෆ්ගන් නායකයා හමුවීම එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරියගේ චාරිකාවේ අරමුණයි. ඇෆ්ගනිස්ථානයේ සිටින නේටෝව ප‍්‍රමුඛ ජාත්‍යන්තර හමුදාවල සෙබලූන් එක්ලක්ෂ 30,000ක් 2014 වසර අවසානයේ දී එරටින් නික්මීමට නියමිතයි. ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් එල්ල කරන ප‍්‍රහාර ද පසුගිය කාලය තුළ උත්සන්න වුණා.
