ශ‍්‍රී ලංකා ඒ පළමු ඉනිමට 290යි.
2012 ජූලි 07 සෙනසුරාදා- පස්වරු 12:35
ශ‍්‍රී ලංකා ඒ කි‍්‍රකට් පිළ සහ දකුණු අප‍්‍රිකානු ඒ කණ්ඩායම අතර දෙවැනි නිළ නොවන ටෙස්ට් කි‍්‍රකට් තරගය දකුණු අප‍්‍රිකාවේ ඩර්බන් හි දී ඊයේ (06) ආරම්භ වුණා. කාසියේ වාසිය දිනූ දකුණු අප‍්‍රිකානු පිළ එහිදී පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායමට ආරාධනා කළා. ශ‍්‍රී ලංකා ඒ පිළ ඊයේ දිනය අවසන් වන විට සිය මුල් ඉනිම සඳහා කඩුලූ 8ක් දැවී ලකුණු 290ක් ලබා සිටියා. එහිදී ශ‍්‍රී ලංකා ඒ පිළ වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 83ක් රැස් කළ අතර, සචිත‍්‍ර සේරසිංහ ලකුණු 56ක් ලබා ගත්තා. රයන් මැක්ලන් දකුණු අප‍්‍රිකානු ඒ කණ්ඩායම වෙනුවෙන් ලකුණු 32කට කඩුලූ 3ක් බිඳ හෙලූවා. සිව් දින නිළ නොවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි. තරග දෙකකින් යුත් නිළ නොවන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය දකුණු අප‍්‍රිකානු ඒ කණ්ඩායම විසින් ජයග‍්‍රහණය කළා.
