රුසියාවේ ගං වතුරෙන් 78 ක් මරුට.
2012 ජූලි 07 සෙනසුරාදා- පස්වරු 07:20
රුසියාවේ - ක‍්‍රස්නෝදාර් ප‍්‍රාන්තයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ඇතිවු ගංවතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව 78 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ රාති‍්‍ර කාලයේදී ගංවතුර තත්ත්වය හදිසියේ ඉහළ යාම පුද්ගල මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතු වූ බවයි. මේ හේතුවෙන් පුද්ගලයින් 13,000 කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බවද සඳහන්. කෙසේ වෙතත්, පීඩාවට පත්වූවන්ට ගුවන් මගින් සහන සැලසීමට රුසියානු බලධාරීන් කටයුතු කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කළා.
