ජාතික ශූරතා එල්ලේ තරඟාවලියේ අවසන් තරඟ අද.
2012 ජූලි 08 ඉරිදා- පෙරවරු 10:35
ශ‍්‍රී ලංකා එල්ලේ සම්මේලනය සංවිධාන කරනු ලබන ජාතික ශූරතා එල්ලේ තරඟාවලියේ අවසන් වටයේ තරඟ අද (08) ආරම්භ වනවා. කණ්ඩායම් 96 ක් සහභාගිවූ මෙහි මූලික වටයේ තරඟවලින් කණ්ඩායම් 16 ක් අවසන් වටය සඳහා සුදුසුකම් ලබා සිටිනවා. අවසන් වටයේ තරඟ අද ජාඇල - ඒකල කෲස් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. මෙහිදී අවසන් වටයට පිවිසි එල්ලේ කණ්ඩායම් සඳහා නිල ඇඳුම් ලබාදීමට සැළසුම් කර ඇති බවයි ශ‍්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ සභාපති බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ආනන්ද හරිස්චන්ද්‍ර කියා සිටියේ.
