පකිස්ථානය 4 / 81 යි.
2012 ජූලි 08 ඉරිදා- පස්වරු 01:16
සංචාරක පාකිස්ථාන පිල සහ ශ‍්‍රී ලංකාව අතර තුන්වන සහ අවසාන ටෙස්ට් ක‍්‍රිකට් තරඟය පල්ලේකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාගංණයේදී අද ආරම්භ වුණා. කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස පාකිස්ථාන පිලට ඇරයුම් කළා. දිවා භෝජනය සඳහා තරඟය නතර කරනවිට සිය මුල් ඉනිමේ පන්දුවට පහරදෙන පාකිස්ථාන පිල කඩුලූ 4 ක් දැවී ලබාසිටින ලකුණු සංඛ්‍යාව 81 ක්. මොහොමඞ් හෆීස් ලකුණු 22 කටත් තවුෆීක් උමාර් ලකුණු 29 කටත් දැවී ගිය අතර අසාර් අලී සහ යූනිස් ඛාන් යන ක‍්‍රීඩකයන්ට ලකුණු රැස්කරගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. දැන් කඩුල්ලේ රැඳී සිටින්නේ නායක මිස්බාවුල් හක් සහ අෂාඞ් ෂාපීක්. පන්දු යැවීමේදී තිසර පෙරේරා ලකුණු 31 කට කඩුලූ 3 ක් බිඳ හෙලූ අතර නුවන් කුළසේකර ලකුණු 27 ක් ලබාදී එක් කඩුල්ලක් ලබාගත්තා. මෙම තරඟය සඳහා තිලකරත්න ඩිල්ෂාන් සහබාගි නොවන අතර දිනේෂ් චන්දිමාල් නැවත කණ්ඩායමට එක්වී සිටිනවා.
