ගයිනේන්ද්‍ර රජු නැවත නේපාලයට පැමිණීමට සැරසේ.
අද ජනමතයෙන්
ආණ්ඩුව විදුලිබිල අඩු කරයි ද ?
 
උතුරේ ජන්දය ගැන ආණ්ඩුව තුළ මත ගැටුම්.


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 127.87 132.89
Singapore Dollar 99.71 103.25
Japanese Yen 1.28 1.33
British Pound 185.90 191.48
Swiss Franc 130.86 136.00
American Dollar 125.03 128.18
Euro 162.12 167.67
Indicative Rates
Norwegian Krone   22.11
Korean Won   0.11
Jordan Dinar   178.79
Maldive Island Rufiya   8.23
Bahrain Dinar   335.75
Kuwait Dinar   445.08
Oman Rial   328.77
Qatar Riyal   34.77
Saudi Arabia Riyal   33.75
UAE Dirham   34.46
Rates on 2013-05-21
ගයිනේන්ද්‍ර රජු නැවත නේපාලයට පැමිණීමට සැරසේ.
2012 ජූලි 08 ඉරිදා- පස්වරු 01:31



නේපාලයේ බලයෙන් පහ කෙරුණු ගයිනේන්ද්‍ර රජු, තමා නැවතත් එරට රජ කිරුළ ලබාගැනීමට අපේක්ෂා කරන බව ප‍්‍රකාශ කළා. බි‍්‍රතාන්‍ය රූපවාහිනී සේවා සමග සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ ව්‍යවස්ථාදායක රජ කිරුළක් බිහිකිරීම සඳහා 2006 වසරේදී තමා නේපාල දේශපාලන පක්ෂ සමග එකඟත්වයකට පැමිණි බවයි. එහෙත් නේපාල රජය, එරට රජ කිරුළ මුළුමනින්ම අහෝසි කිරීමට 2008 වසරේදී පියවර ගත්තා. ගයිනේන්ද්‍ර රජු කියා සිටින්නේ තමා නේපාලයේ රජ කිරුළ අපේක්ෂා කළද එහි දේශපාලනයට ඇඟිලි ගැසීමට අවශ්‍යතාවයක් නොමැති බවයි. ගයිනේන්ද්‍ර රජු මෙම ප‍්‍රකාශය කර ඇත්තේ නේපාලය තුළ දේශපාලන අර්බුදයක් මතුව ඇති මොහොතකයි. එරට ව්‍යවස්ථාදායක සභාව විසුරුවා හැර ඇත්තේ නව නේපාල ව්‍යවස්ථාව පිළිබඳ එකඟත්වයකින් තොරවයි. නොවැම්බරයේ නව මැතිවරණයක් පැවැත්වෙන අතර දැනට එහි දේශපාලන රික්තයක් ඇතිවී තිබෙන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ. ගයිනේන්ද්‍ර රජු 2006 වසරේදී නේපාලයේ  රජ කිරුළෙන් ඉවත්වූයේ සති ගණනාවක් තිස්සේ එහි පැවති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලින් අනතුරුවයි.




Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (0)